පොලිසියට චන්ඩිකම් පෙන්වූ අයියා මලෝ තිදෙනා සොයා මෙහෙයුම්

Sri Lanka Police
By Madheeha_Naz May 10, 2023 12:21 PM GMT
Madheeha_Naz

Madheeha_Naz

Report

විහාරස්ථානය අසල පිහිටි නිවසක ක්‍රියාත්මක කර ඇති කැසට් යන්ත්‍රයෙන් නිකුත් වන අධික ශබ්දයක් හේතුවෙන් එම විහාරස්ථානය තුල ආගමික කටයුතු සිදුකිරීමට මහත් අපහසු බව පවසමින් කපුගොල්ලෑව පොලීසියට දුරකථන ඇමතුමක් ලබාදී පවසා තිබෙනවා.

පසුව පොලිස් කණ්ඩායමක් විසින් අදාළ නිවසට ගොස් පරීක්ෂා කර අධික ශබ්දයක් නැගෙන අයුරින් ක්‍රියාත්මක නොකරන ලෙස අවවාද කළ අවස්ථාවේදී එහි සිටි 17 හැවිරිදි පාසල් සිසුවෙකු ඇතුළු එකම පවුලේ සහෝදරයින් තිදෙනෙකු පොලීස් ස්ථානාධිපතිවරයාට සහ පොලිස් සැරයන්වරයකුට පහරදී තිබෙනවා.

පොලිස් සැරයන්වරයා එම 17 හැවිරිදි සිසුවාට අවවාද කරන අවස්ථාවේ එම පාසල් සිසුවා ඔහුට අත්කළ පහරදීමෙන් පොලිස් සැරයන්වරයාගේ තොල් පුපුරා ඇති අතර පොලිස් ස්ථානාධිපතිවරයා ජීප් රථයේ සිට එම නිවාස බලා යන අතරවාරයේ අනෙක් සහෝදරයන් දෙදෙනා විසින් ඔහුට පොලු පහර එල්ල කර තිබුණා.

අනතුරුව මෙම සිද්ධිය පිළිබඳව එම ගම්මානයට ගොස් සිටි අනෙක් නිලදාරීන් පොලිසියට දැන්වූ අතර පොලිස් කණ්ඩායම එහි පැමිණෙන අවස්ථාවේ මෙම සහෝදරයන් තිදෙනා ගම්මානයෙන් පලා ගොස් ඇති බවට ආරංචි වුනා.

ගම්මානයෙන් පලාගිය මෙම 17 හැවිරිදි පාසල් සිසුවා අතුල සහෝදරයන් දෙනෙආ සොයා පුළුල් විමර්ශන ආරම්භ කළ බව කපුගොල්ලෑව පොලීසිය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. 


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.

JOIN NOW