මාර්ගගත ආරක්ෂණ පනතට තවත් පෙත්සම් තුනක්.

Sri Lanka Supreme Court of Sri Lanka
By Hashini Oct 09, 2023 10:44 AM GMT
Hashini

Hashini

Report

මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සම් 3ක් ඉදිරිපත් කර තිබෙනවා.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට පටහැනි යැයි තීන්දුවක් ලබා දෙන ලෙස එම පෙත්සම් මඟින් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම පෙත්සම් මාධ්‍ය නීති සංසදය, රජයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය රංග කලංසුරිය සහ යුනෙස්කෝ ආයතනයේ හිටපු අධ්‍යක්‍ෂක විජයානන්ද ජයවීර විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

නීතිපතිවරයා මෙහි වග උත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා. එම පෙත්සම් වලින් මෙම පනත් කෙටුම්පතෙන් මාධ්‍යවේදීන්ගේ නිදහස බරපතළ ආකාරයෙන් කප්පාදු වීමක් සිදු වන බව පෙන්වා දෙනවා.  


ReeCha