ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් 03න් දෙනෙක් ජීවිතක්ෂයට..

Report

දකුණු ලෙබනනයේ දී මාධ්‍යවේදීන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ලෙබනන සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.

ඒ ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන් ය.

මීට මාසයකට පමණ පෙර ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම ඊශ්‍රායල හමුදා ආරම්භ කළේ ය.

පාසල් සිසුවෙක් දුම්රියේ ගැටී ජීවිතක්ෂයට..

පාසල් සිසුවෙක් දුම්රියේ ගැටී ජීවිතක්ෂයට..


එයින් මේ දක්වා ලෙබනනයේ 2500ක් පමණ මියගොස් ඇති බව වාර්තා වේ.

මේ අතර, අමෙරීකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් පවසන්නේ මෙම ගැටුමට හැකි තරම් ඉක්මණින් රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් අවශ්‍ය බවයි.

එමෙන්ම, ඔහු පැවසුවේ ඊශ්‍රායලය ලෙබනනයේ සිදුකරන යුද මෙහෙයුම් දිගු කාලයක් පවතිනවා දකින්නට අමෙරිකාව අකමැති බවයි.

මේ අතර, ඊශ්‍රායල ජාතිකයන් 7 දෙනෙකුට ඉරානය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනා එල්ල කිරීමට ඊශ්‍රායල බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඔවුන් වසර දෙකක පමණ කාලයක් මෙලෙස ඊශ්‍රායලයේ සතුරු රාජ්‍යයක් ලෙස සැලකෙන ඉරානය වෙනුවෙන් ඔත්තු බැලීමේ කාර්යයේ නිරත වී ඇතැයි චෝදනා එල්ල වෙයි.

රාජ්‍ය සේවකයින්ට මාලිමා ආණ්ඩුව දුන්න අමුතුම දීමනාව.. හැබැයි මෙහෙමයි..

රාජ්‍ය සේවකයින්ට මාලිමා ආණ්ඩුව දුන්න අමුතුම දීමනාව.. හැබැයි මෙහෙමයි..


ඒ අනුව සතුරු රාජ්‍යයකට යුද ගැටුම් අතරතුරදී තොරතුරු ලබාදීම සහ උපකාර කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී ඇති බව සඳහන් ය.

චෝදනාවට ලක්ව සිටින සියලු දෙනා හයිෆා නගරය ඇතුළු උතුරු ඊශ්‍රායලයේ වාසය කරන පිරිසකි.

ඒ අතර හමුදාවෙන් පළාගිය සෙබළෙකු මෙන්ම වයස අවුරුදු 16 සහ 17 ක් වන බාල වයස්කාරයන් දෙදෙනෙකු ද වෙයි.