ලංකාවට ගෙන එන අලුත්ම ජාත්‍යන්තර විශ්වවිද්‍යාල තුන.

Sri Lanka Politician Government Of Sri Lanka
By Wayomi Feb 15, 2024 08:43 AM GMT
Wayomi

Wayomi

Report

ජාත්‍යන්තර විශ්වවිද්‍යාල තුනක් ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට නියමිත බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, "ස්ථාවර රටකට සැවොම එක මඟකට" මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

එමෙන්ම අධ්‍යාපනය සම්බන්ධ ජාත්‍යන්තර අත්දැකීම් ඇති විශේෂඥයන් මෙරටට පැමිණ නිරීක්ෂණයෙන් පසුව රාජ්‍ය විශ්වවිද්‍යාල හරහා බහුවිධ උපාධි ලබාදීමට අවධානය යොමු කර ඇති බව ද අමාත්‍යවරයා අවධාරණය කරනු ලැබුවා.

මේ අතර එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, විජේදාස රාජපක්ෂ කමිටු වාර්තාව සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කමිටු වාර්තාව එක් කර නව උසස් අධ්‍යාපන සංවර්ධන කොමිසම ඇරඹීමේ මූලික සාකච්ඡා මේ දිනවල පැවැත්වෙන බවද එම කමිටුවේ සභාපතීත්වය සඳහා හිටපු අගවිනිසුරු කේ. ශ්‍රී පවන් පත් කර ඇති බවයි.