නගරේ මැද බිහිසුණු අනතුරක් - සේවකයන් තිදෙනෙක් අධි බලැති විදුලි රැහැනක් මතට වැටිලා
කොට්ටාව නගර මධ්‍යයේ පිහිටි ටයර් අලෙවිසලක නාම පුවරුවක් සවි කිරීමට යාමේදී එය පාලනය කර ගැනීමට නොහැකිව අධි බලැති විදුලි රැහැනක් මතට වැටී විදුලිසර වැදුණු සේවකයින් තිදෙනෙකු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බවට කොට්ටාව පොලිසිය සඳහන් කළා.
ඒ අනුව මෙසේ පිළිස්සුම් තුවාල ලබා ඇත්තේ තුම්මෝදර උඩුවර සහ බුලත් කොහුපිටියේ පදිංචි 28 සහ 32 වයසේ පසුවන තිදෙනක් බව සඳහන්.
අඳාළ සේවකයින් තිදෙනා එම වෙළඳසලෙහි නාම පුවරුව සවි කිරීමට අද (5) දින දහවල් ගොඩනැගිල්ලෙහි තහඩු වහලය මතට නැඟ පුවරුව සවි කිරීමට යාමේදී අධික සුළග සහ සමබරතාවය බිදී යාමෙන් යාබද අධි බලැති විදුලි රැහැන මතට නාම පුවරුව වැටී මෙම අනතුර සිදුව ඇත.
පොලීසිය පවසා සිටියේ එහිදී අධික ශබ්දයත් සමඟම අධිබලැති විදුලිසර වැදුණු තිදෙනා තහඩු වහලය මතට වැටී පිළිස්සුම් තුවාල සහිතව සිට ඇති අතර අනතුරුව එම වෙළඳසලේ සෙසු සේවකයින් වහලය මතට නැඟ පිළිස්සුම් තුවාල සහිතව වහලය මත සිටි තිදෙනා බිමට ගෙන ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බවයි.
කෙසේ වෙතත් ඉන් එක් පුද්ගලයකුගේ තත්ත්වය බරපතළ බැවින් ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ ඇති අතර අනෙක් දෙදෙනා ද නේවාසිකව ප්‍රතිකාර ලබන බව සඳහන්.