කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු තාවකාලිකව අත්හිටුවයි

Report

කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික ගනුදෙනු අද ( 07) උදෑසන 9.53ට තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ.

අද දින පළමු වරට කොටස් වෙළෙඳපොළ ද්වීයිතීක ගනුදෙනු ආරම්භ කළ Wealth Trust Securities Limited සමාගමේ සිදුවූ අසාමාන්‍ය ගනුදෙනු කිහිපයක් හේතුවෙන් මෙලෙස කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවා ඇත.

Wealth Trust Securities Ltd. යනු මහ බැංකුව විසින් අනුමත ප්‍රාථමික ඩීලර් සමාගමකි. එහි මූලික කොටස් නිකුතුව (IPO) සාර්ථකව අවසන් වීමෙන් පසු අද දින Diri Savi Board යටතේ ගනුදෙනු ආරම්භ විය. IPO එක 14.9 ගුණයකින් අධික ලියාපදිංචියක් ලැබූ අතර, එහි කොටස් සංකේතය WLTH-N-0000 වේ.

මෙම තාවකාලික අත්හිටුවීම වෙළෙඳපොළේ ස්ථායිතාවය ආරක්ෂා කිරීමට සහ වැරදි ගනුදෙනු නිවැරදි කිරීමට ගත් පියවරක් බව වෙළෙඳපොළ බලධාරීන් පෙන්වා දෙති. 

ආන්දෝලනාත්මක 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ මතභේදකාරී පාඩම ඉවත් කිරීමට අනුමැතිය

ආන්දෝලනාත්මක 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ මතභේදකාරී පාඩම ඉවත් කිරීමට අනුමැතිය

ඔබේ විදුලි බිලේ අතිරේක ගාස්තුවක්? - මහජනයාට තවත් බරක්

ඔබේ විදුලි බිලේ අතිරේක ගාස්තුවක්? - මහජනයාට තවත් බරක්