නායයෑම් රතු නිවේදන තවදුරටත්
මෙරට අයහපත් කාලගුණය හේතුවෙන් මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක 2ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 3කට මේ වනවිට නිකුත් කර තිබූ නායයෑම් ඉවත්වීමේ රතු නිවේදන තවදුරටත් දීර්ඝ කළ බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය සදහන් කර තිබේ.
ඒ වගේම බොහෝ ප්‍රදේශවල මේ වනවිට නායයෑම් පූර්ව ලක්ෂණ මතුව තිබෙන බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ, ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා සදහන් කර ඇත.
මේ හේතුව නිසා තීව්‍ර බෑවුම්, මිටියාවත්, නිම්න, නිර්මාණය කරන ලද කණ්ඩි හෝ අනතුරුදායක ප්‍රදේශ හරහා වැටී ඇති මාර්ග ආශ්‍රිතව ජීවත්වන ජනතාව නායයෑම් අනතුරු ඇඟවීම් පිළිබද දැඩි අවධානයක් යොමු කර යුතු බව සදහන් කර තිබේ .
ආචාර්ය වසන්ත සේනාධීර මහතා විසින් ජනතාවට දැනුම් දෙනු ලබන්නේ ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් ලබාදෙන අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් අවධානය යොමුකර හැකි ඉක්මනින් එවැනි ස්ථානවලින් ඉවත්ව ජීවිත ආරක්ෂාව සලසා ගන්නා ලෙසයි.
ඒ අනුව මේ අතර දිස්ත්‍රික්ක තුනක් සඳහා අවදානයෙන් සිටින ලෙස නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන බවත් තවත් දිස්ත්‍රික්ක 4ක් සඳහා විමසිලිමත් වෙන ලෙස නායයෑම් අනතුරු අඟවා ඇත.
එම ප්‍රදේශ පහතින්,
අනතුරු ඇඟවීමේ මට්ටම 3 - ඉවත්වන්න (රතු)
මහනුවර දිස්ත්‍රික්කය: - උඩදුම්බර නුවර එළිය දිස්ත්‍රික්කය: - නිල්දණ්ඩාහින්න - වලපනේ
අනතුරු ඇඟවීමේ මට්ටම 2- අවදානයෙන් සිටින්න
බදුල්ල දිස්ත්‍රික්කය: - කන්දකැටිය මාතලේ දිස්ත්‍රික්කය: - විල්ගමුව නුවරඑළිය දිස්ත්‍රික්කය: - හඟුරන්කෙත - මතුරට
අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න
බදුල්ල දිස්ත්‍රික්කය: - බදුල්ල - හාළිඇළ - පස්සර - ලුණුගල - වැලිමඩ - මීගහකිවුල
මහනුවර දිස්ත්‍රික්කය: - දොළුව
මාතලේ දිස්ත්‍රික්කය: - අඹන්ගඟ කෝරළය මොනරාගල දිස්ත්‍රික්කය: - බිබිල