ආන්දෝලනාත්මක 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ මතභේදකාරී පාඩම ඉවත් කිරීමට අනුමැතිය

Report

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ නිකුත් කෙරුණු 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා මොඩියුලයේ අනුචිත වෙබ් අඩවියක සබැඳියක් ඇතුළත් වීම නිසා ඇතිවූ මතභේදය අතරතුර, එම ගැටලුකාරී පාඩම ඉවත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යයන උපදේශක මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.

ඊයේ (06) මෙම අනුමැතිය ලබාදුන් බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

අග්‍රාමාත්‍යවරිය පැවසුවේ, ගැටලුව හඳුනාගත් වහාම මොඩියුලයේ බෙදාහැරීම අත්හිටුවූ බවත්, එය තවමත් සිසුන් අතට පත්ව නැති බවත්ය. මෙම දෝෂය "බරපතල වැරැද්දක්" ලෙස පිළිගත් ඇය, සම්පූර්ණ විමර්ශනයක් පැවැත්වෙන බවත්, වරදකරුවන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවත් සඳහන් කළාය.

පාසල් සිසුන්ට ඇහෙන සුබ පණිවිඩය මෙන්න

පාසල් සිසුන්ට ඇහෙන සුබ පණිවිඩය මෙන්න

මොඩියුලයේ ගැටලුකාරී පිටුව ඉවත් කර එය නැවත බෙදාහැරීමට කටයුතු කරන බවත්, යළි මුද්‍රණයක් සිදු නොකරන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙයි. 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය ජනවාරි 21 වැනිදාත්, 1 ශ්‍රේණියේ පෙළපොත් ජනවාරි 29 වැනිදාත් සිසුන්ට ලබාදීම නියමිතය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විපක්ෂයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින අතර, අග්‍රාමාත්‍යවරියගේ ඉල්ලා අස්වීම ඉල්ලා විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සමගි ජන බලවේගය තීරණය කර ඇත. එමෙන්ම, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා අස්වීමක් ලැබී ඇති බව වාර්තා වේ.

කෙහෙළියට චාමරට දඬුවම් දුන්නනන් ඒ විදිහටම අගමැතිතුමියටත් දඩුවම් දෙන්න - චාමර පාර්ලිමේන්තුවේ යකා නටයි

කෙහෙළියට චාමරට දඬුවම් දුන්නනන් ඒ විදිහටම අගමැතිතුමියටත් දඩුවම් දෙන්න - චාමර පාර්ලිමේන්තුවේ යකා නටයි