සුළුමොහතකට පෙර ප්‍රබල භූකම්පනයක්

Report

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) ප්‍රකාශ කළ පරිදි, පිලිපීනයේ බකූලින් (Baculin) නගරයෙන් නැගෙනහිරට කිලෝමීටර් 68ක් දුරින් මුහුදු ප්‍රදේශයේ රිච්ටර් පරිමාණය 6.7ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් ජනවාරි 07 වැනිදා සිදුව තිබේ.

මෙම භූකම්පනයේ මධ්‍යස්ථානය කිලෝමීටර් 10ක් පමණ ගැඹුරින් පිහිටා ඇති අතර, එය දාවාවෝ ඔරියන්ටල් පළාතේ දාවාවෝ නගරය අසලදී සිදුවී ඇත.

පිලිපීන භූ විද්‍යා ආයතනය  මෙය ප්‍රබලත්වය 6.4ක් ලෙස මනා අතර, හානි සහ පසු කම්පන ඇතිවිය හැකි බව අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. කෙසේ වෙතත්, සුනාමි අවදානමක් නොමැති බවත් පැවසේ.

මේ වන විට ජීවිත හානි හෝ විශාල දේපළ හානි පිළිබඳ වාර්තා වී නොමැති අතර, ප්‍රදේශවාසීන් භීතියට පත්ව ගෙවල්වලින් පිටතට පැමිණි බව පොලිස් නිලධාරීන් පවසයි.

පිලිපීනය පැසිෆික් "අග්නි වළල්ල" (Ring of Fire) කලාපයේ පිහිටා ඇති නිසා භූකම්පන සහ ගිනිකඳු ක්‍රියාකාරකම් නිතර සිදුවේ.

පසු කම්පන සහ තත්ත්වය පිළිබඳ බලධාරීන් දැනුම්දීම් නිකුත් කරමින් සිටිති.