ජූලි චංග්ට සමු දෙන්න කාලය ඇවිත් - 16 ලංකාවෙන් යයි
ජුලි චන්ග් මහත්මිය, ජනවාරි 16 වන දින ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිත බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය සදහන් කර තිබේ.
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ලෙස ඇය කටයුතු කරමින් සිටියි. ඇය, එක්සත් ජනපදය නියෝජනය කරන ඉහළම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනිය ලෙස වසර හතරකට ආසන්න කීර්තිමත් සේවා කාලය නිමා කරමින් මෙලෙස ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන බව වාර්තා වේ.
තවද ඇය ඇය ධූර කාලය තුළ සේවා කාලය තුළ ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර ද්විපාර්ශවික සබඳතා වර්ධනය කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික ස්ථායීතාව සහ මානව හිමිකම් සම්බන්ධ කටයුතු පිළිබඳ අවධානය යොමු කර තිබේ.
ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය සදහන් කරන්නේ එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමඟ පවතින හවුල්කාරිත්වයට කැපවී සිටින අතර චංග් තානාපතිවරියගේ වසර හතරකට ආසන්න ධුර කාලය තුළ ස්ථාපිත කරන ලද ශක්තිමත් පදනම තවදුරටත් ගොඩ නැංවීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ජනතාව සමඟ සමීපව කටයුතු කරනු ඇති බවයි.
ඒ වගේම වැඩ බලන තානාපති ධුරයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී ජේන් හොවෙල් මහත්මිය කටයුතු කරනු ලබයි. එලෙස වැඩ කටයුතු කරන්නේ නව එක්සත් ජනපද තානාපතිවරයෙකු පැමිණෙන තුරු වේ.
ඒ අනුව ජනතාවට දැනගැනීම සදහා 2022 වසරේ පෙබරවාරි මාසයේ ආරම්භ වූ ජුලි චන්ග් තානාපතිවරිටගේ ධුර කාලය වැදගත් අවස්ථා කිහිපයක් පහතින් දැක්වේ.
