නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට.
Sri Lanka Police
Sri Lanka
By Hashini
නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර තිබෙනවා.
ඒ ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය යටතේයි.
පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරනවා.
එසේම කේ.වී.ඩී.ඒ.ජේ. කරවිට මහතා ද ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර තිබෙනවා.
ඔහු අපරාධ දිසාව භාර ව සිටි නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරනු ලැබුවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කල නිවේදනයේ නියෝජ්‍ය පොලිස්පති එස්.ඩබ්ලිව්.එම්. සේනාරත්න මහතා ද ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර ඇති බව සඳහන්.
ඔහු මාතර හා හම්බන්තොට දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයාය.
