කවුරුත් නොහිතන හිටපු ප්‍රබල අමාත්‍යවරයෙකුට අල්ලස් නඩු තුනක්...

Sri Lanka Bribery Commission Sri Lanka
By Piyumika Jan 27, 2025 08:57 AM GMT
Piyumika

Piyumika

Report

හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නඩු තුනක් පවරා ඇත.

තරුණියකගේ හදිසි කෝපය නිසා විවාහක තරුණයෙක්ට දිවි අහිමි වේ..

තරුණියකගේ හදිසි කෝපය නිසා විවාහක තරුණයෙක්ට දිවි අහිමි වේ..

ජනවාරි මස 8 වන දින කොළඹ මහාධිකරණයේ දී අදාළ නඩු පවරා ඇති බව එම සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

හෙට ඉදන් මොකක්ද මේ වෙන්න යන්නේ..

හෙට ඉදන් මොකක්ද මේ වෙන්න යන්නේ..

නඩු අංක HCB/353/2025 යටතේ සිවිල් ගුවන් සේවා අධිකාරිය මඟින් වෙසක් සුබපැතුම් පත් 3,000ක් මුද්‍රණය කරවා ගැනීමෙන් රු.128,520ක මුදලක පාඩුවක් ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියට දූෂණය නම් වරද සිදුකිරීම, නඩු අංක HCB/354/2025 යටතේ සිවිල් ගුවන් සේවා අධිකාරිය මඟින් රු.360,000ක මුදලක් මහවැව වී හේන ෆාම් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය වෙත ගෙවීම සඳහා සිවිල් ගුවන්සේවා අධිකාරියේ නිලධාරීන් පෙළඹ වීමෙන් එකී මුදලක පාඩුවක් සිදු කිරීමෙන් දූෂණය නම් වරද සිදුකිරීම හා නඩු අංක HCB/3552025 යටතේ සිවිල් ගුවන් සේවා අධිකාරිය මඟින් රු. 494,000ක මුදලක හලාවත ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගිණුමකට බැර කිරීම සඳහා සිවිල් ගුවන්සේවා අධිකාරියේ නිලධාරීන් පෙළඹ වීමෙන් එකී මුදලක පාඩුවක් ආණ්ඩුවට සිදුකිරීමෙන් දූෂණය නම් වරද සිදුකිරීමට එරෙහිව අදාළ නඩු පවරා ඇත.

You may like this video

ReeCha