යුද හමුදා සෙබලු ටිකක් මාර වැඩක් කරලා - දැන් අත්අඩංගුවේ

Report

තණමල්විල පොලීසියට ලද තොරතුරක් මත කහකුරුල්ලන් පැලැස්ස ප්‍රදේශයේ නිදන් හාරමින් සිටි යුද හමුදා සෙබළෙක් ඇතුළු තිදෙනෙකු ඊයේ (04) තණමල්විල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පිරිස කහකුරුල්ලන් පැලැස්ස ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක ගල්තලාවක පාමුල නිධන් සෙවීමට කැණීම් කටයුතු කරමින් සිටියදී ඒ සඳහා යොදාගත් උපකරණ සහ පූජා භාණ්ඩ සමඟ මෙලෙස පොලීසිය භාරයට ගෙන ඇත.

රංගන ශිල්පිණියකට බිහිසුණු අනතුරක් - මොළයට හානි

රංගන ශිල්පිණියකට බිහිසුණු අනතුරක් - මොළයට හානි

සැකකරුවන් වයස අවුරුදු 35ත් 45ත් අතර පසුවන යුද හමුදා සෙබළෙකු සහ හම්බේගමුව රතඹලාගම ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර කැනීම් කටයුතු කිරීම සඳහා යොදාගන්නා ලද අලවංගු, කුළු ගෙඩි, හයිට්‍රෝජන් ජැක් එකක් සහ පූජා භාණ්ඩද පොලීසිය සොයාගෙන ඇත.

මගේ බුරියට ඇගිල්ල ගහලා ඇද්දා පපුවෙන් ඇද්දා කොණ්ඩේ ගලවලා කනට ගැහුවා - සැකකරුවකු යැයි රැගෙන ගිය පුද්ගලයාගෙන් චෝදනා

මගේ බුරියට ඇගිල්ල ගහලා ඇද්දා පපුවෙන් ඇද්දා කොණ්ඩේ ගලවලා කනට ගැහුවා - සැකකරුවකු යැයි රැගෙන ගිය පුද්ගලයාගෙන් චෝදනා

සැකකරුවන් සහ නඩු භාණ්ඩ අද (05) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර මේ පිළිබදව තණමල්විල පොලීසිය පරීක්ෂණ පවත්වා ඇත.