"බඩේ ඉන්න දරුවා විනාස කරපන්” - ගබ්සාවක් කරන්නැයි කතකට මරණ තර්ජන කළ පොලිස් ලොක්කගේ පැටිකිරිය මෙන්න..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Aug 16, 2023 05:14 PM GMT
krishani

krishani

Report

ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන  ගිය කාන්තාවකට ගබ්සාවක් කර ගන්නා ලෙසට දැනුම් දී එසේ නොවුණහොත් මරා දමන බවට තර්ජනය කළැයි කියන පොලිස් පරික්ෂකවරයකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව ළමා හා කාන්තා කාර්යාංශය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. එල්. ඉලංගසිංහ මහතා ඉදිරියේ ඊයේ කරුණු වාර්තා කර තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක ප්‍රදේශයේ රූපලාවණ්‍ය ශිල්පිනියක කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

පොලිස් පරීක්ෂකවරයා රථවාහන රාජකාරියේ යෙදී සිටිය දී තමාට හමු වූ බවත් පසුව දෙදෙනා අතර ඇති වූ ආදර සම්බන්ධතාවකින් පසු තමන් ගැබ් ගැනීමකට ලක් වූ බවත් පැමිණිලිකාරිය සිය පැමිණිල්ලෙන් ඉදිරිපත් කර තිබූ බව ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට දැනුම් දී තිබෙනවා.

තමා ගැබ් ගැනීම ගැන පොලිස් පරීක්ෂකවරයාට දැනුම් දුන් පසු වහාම එය ඉවත් කර ගන්නා ලෙසත් එසේ නොවුණහොත් තමන් මරා දමන බවට තර්ජනය කරමින් දිගින් දිගටම දුරකතන ඇමතුම් දුන් බවත් පැමිණිලිකාරිය සිය පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇති අතර මෙම පැමිණිල්ලට අනුව දුරකතන විශ්ලේෂණ වාර්තා කැඳවීමට අවශ්‍ය බැවින් ඒ සඳහා අවසර ලබාදෙන්නැයි ළමා හා කාත්නා කාර්යාංශය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය පොලීසිය කළ ඉල්ලීම්වලට අවසර දෙමින් සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශන සිදුකර අධිකරණයට වාර්තා කරන ලෙසට නියෝග කර තිබෙනවා.


- සිතුමි -

ReeCha