පළාතක්ම හොල්ලපු 'තොටළඟ පොඩ්ඩි' යළිත් රිමාන්ඩ් - හේතුව මෙන්න

Report

මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයේ සංවිධානාත්මක අපරාධ මඟින් උපයාගන්නා වත්කම් විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් වීන්දනී ප්‍රියදර්ශිකා සූරිය ආරච්චි නොහොත් "තොටළඟ පොඩ්ඩි" එළඹෙන 21 තෙක් යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද (17) දින නියෝග කළ බව වාර්තා වේ.

එම සිද්ධියට අඳාළ නඩුව කැඳවු අවස්ථාවේදි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මඟින් කරන ලද කරුණු සළකා බැලීමෙන් පසුව මෙසේ නියෝග කර තිබෙනවා.

දිවයිනටම පොලීසියෙන් දැනුම්දීමක් - හදිසි ඕනෑම අවස්ථාවක වහාම අමතන්න

දිවයිනටම පොලීසියෙන් දැනුම්දීමක් - හදිසි ඕනෑම අවස්ථාවක වහාම අමතන්න

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් පවසා සිටියේ මෙම සැකකාරිය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කර විශාල දේපළ ප්‍රමාණයක් අයථා ආකාරයට උපයාගෙන ඇති බවත් ඒකී දේපළ ක්‍රියා විරහිත කිරීමේ විමර්ශනයකට අඳාළව සැකකාරිය අත්අඩංගුවට ගත් බවත් ය.

ඒ හේතුවෙන් මෙම සැකකාරියට මුදල් විශුද්ධිකරණ පනත යටතේ කරන ලද විමර්ශනයකට අඳාළව පසුගිය (13) දින අත්අඩංගුවට ගත් බව නිලධාරීන් අධිකරණයට දන්වා ඇත.

රත්තරන් මිල මෙච්චර අඩුවට - ලංකාවේ රත්තරන් මිලට ඇස් උඩ යයි

රත්තරන් මිල මෙච්චර අඩුවට - ලංකාවේ රත්තරන් මිලට ඇස් උඩ යයි

සුපිරි යූටියුබ්කරුගේ බිරිඳ හඳපානේම පැන යයි - ආදරයට උපමාවක් වූ යුවල වෙන්වෙයි - CCTVයෙන් ඔක්කොම මාට්ටු

සුපිරි යූටියුබ්කරුගේ බිරිඳ හඳපානේම පැන යයි - ආදරයට උපමාවක් වූ යුවල වෙන්වෙයි - CCTVයෙන් ඔක්කොම මාට්ටු