මේ රාජ්‍ය සේවකයන්ට සුභ ආරංචියක් - දීමනා හා ඉල්ලීම් අයවැයෙන් ලබාදීමට ජනපති පොරොන්දු වෙයි
අද (17) රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරයා සමග ග්‍රාම නිලධාරීන්ගේ සංගමය කළ සාකච්ඡාවකින් පසුව ග්‍රාම නිලධාරීන් විසින් ආරම්භ කර තිබූ වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කර ඇත.
ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් මාධ්‍ය වෙත පවසා ඇත්තේ එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා දුරකථනයෙන් සම්බන්ධ වූ බවත් එහිදී එළැඹෙන අයවැයෙන් මෙම ඉල්ලීම් ලබා දීමට පියවර ගන්නා බවත්ය.
මේ රාජ්‍ය සේවකයන්ට ඉන්ධන දීමනාව තාම නෑ - නිලධාරීන්ව හෑල්ලු නොකර අවදානම්, සන්නිවේදන හා ඉන්ධන දීමනා ලබාදෙන්න
ඒ අනුව ග්‍රාම නිලධාරීන්ගේ සංගමය විසින් මේ වන විට ආරම්භ කර තිබූ වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කරණ බව ඔවුන් නිවේදනය කර ඇත.
අද දිනයේදී වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කිරීමෙන් අනතුරුව සියලුම ග්‍රාම නිලධාරීන් අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල නැවත සුපුරුදු පරිදී රාජකාරිවල නිරතවීම සිදුකරන බවද ඔවුන් සඳහන් කළේය.