හිරුණිකාගේ නඩුව නොවැම්බර් 02දා යළි කැඳවීමට දින දෙයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු විත්තිකාරියන් පිරිසකට එරෙහිව පවරා ඇති නඩුව නොවැම්බර් මස 02 වැනිදා යළි කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
2022 වසරේ ජාත්‍යන්තර කාන්තා දිනය පැවැති අවස්ථාවේදී කොළඹ කුරුඳුවත්ත පොලිස් බලප්‍රදේශය තුළ මංමාවත් අවහිර කරමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මෙම නඩුව පවරා ඇත.
නඩුව අද (17) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ කැඳවනු ලැබීය. එහිදී විමර්ශන සිදුකරන කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත්තේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර ඇති බවයි.
ඒ අනුව වැඩිදුර උපදෙස් ලබා ගැනීම සඳහා විමර්ශන ගොනු නීතිපතිවරයා වෙත යොමුකර ඇති බවද පොලිසිය අධිකරණයට දැනුම් දී තිබේ. කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නඩුව නොවැම්බර් මස 02 වැනිදා යළි කැඳවීමට නියම කළ අතර, එදින විමර්ශන කටයුතුවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසද නියෝග කළේය.
පාස්කු ප්‍රහාර නඩුව තීරණාත්මක අවස්ථාවකට පිවිසෙයි - විත්තිකරුවන්ගේ විත්තිවාචක ඉදිරිපත් කිරීම අද සිට ඇරඹෙයි