Online ක්‍රමයට ආදායම් උපයන අයගෙන් බදු අයකරන ආකරය ගැන විශේෂ දැනුම්දීමක්
2025/2026 තක්සේරු වර්ෂයේ සිට සේවා අපනයනය මඟින් උපයන ආදායම බද්දට යටත් වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
කෙසේවෙතත්, එම ආදායම සාමාන්‍ය ආදායම් බදු අනුපාත වන සියයට 18, 24, 30 සහ 36 යටතේ බදු අය නොකරන බව වැඩසටහන එක්වෙමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් හිරාන් මෙනේරිපිටිය මහතා සඳහන් කළේය.
ඔහු පෙන්වා දෙන්නේ, ඩිජිටල් මාධ්‍ය හෝ වෙනත් ක්‍රමවේද ඔස්සේ සේවා අපනයනය කරමින් උපයන ආදායම සඳහා උපරිම වශයෙන් සියයට 15ක බද්දක් අදාළ වන බවය.
ඒ අනුව, ඩිජිටල් මාධ්‍ය ඔස්සේ ආදායම් උපයන පුද්ගලයින් තමන් උපයන ආදායම ස්වතක්සේරු බදු වාර්තාව හරහා නිසි පරිදි ඉදිරිපත් කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.
සාමාන්‍ය ආදායම් මත අය කෙරෙන බදු අනුපාතවලට සාපේක්ෂව සේවා අපනයනයෙන් උපයන ආදායම සඳහා අදාළ වන්නේ අඩු බදු අනුපාතයක් බවත්, එම සියයට 15ක බද්ද ගෙවීම ඩිජිටල් මාධ්‍ය ඇතුළු විවිධ ක්‍රමවේද හරහා සේවා අපනයනයෙන් ආදායම් උපයන පුද්ගලයින්ගේ වගකීමක් බවත් හිරාන් මෙනේරිපිටිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.