මහනුවර ඇසල පෙරහැර බලන්න එන ඔයාට විශේෂ දැනුම්දීමක් - රථවාහන සැලැස්මක් ගැන දැනුම් දෙයි

Report

ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් හෙට (18) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි විශේෂ රථවාහන සැලසුමක් සහ ආරක්ෂක වැඩපිළිවෙළක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් මහතා පවසයි.

මෙවර කුඹල් පෙරහැර හෙට (18) සිට අගෝස්තු 22 දක්වාත්, රන්දෝලි පෙරහැර අගෝස්තු 23 සිට 27 දක්වාත් වීථී සංචාරය කිරීමට නියමිතය.

සුළු මොහොතකට පෙර බැංකු වැටලීමක් - ප්‍රධාන පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් හතරක් අත්අඩංගුවට - ඉතිහාසයේ පළමු වතාවට බැංකුව තුළම අත්අඩංගුවට

සුළු මොහොතකට පෙර බැංකු වැටලීමක් - ප්‍රධාන පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් හතරක් අත්අඩංගුවට - ඉතිහාසයේ පළමු වතාවට බැංකුව තුළම අත්අඩංගුවට

මෙම කාල සීමාව තුළ මාර්ග බාධක ආරක්ෂක රාජකාරි, රථවාහන හා පුද්ගලයින් පරීක්ෂා කිරීම, සංචාරකයින්ට මඟ පෙන්වීම සහ රථවාහන ගාල් කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කර තිබේ.

පෙරහැර මංගල්‍යයේ ආරක්ෂාව උදෙසා පොලිස් නිලධාරීන් 6,200 ක්, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 564 ක්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් 1,200 ක් සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් 29 දෙනෙකු යොදවා ඇති අතර, පොලිස් නිල සුනඛයින්ගේ සහාය ද ලබා ගැනීමට කටයුතු යොදා ඇත.

රංගන ලොවම කම්පා කරමින් ජනප්‍රිය රංගන ශිල්පිනී අනන්‍යා රාජ් අවසන් ගමන් යයි

රංගන ලොවම කම්පා කරමින් ජනප්‍රිය රංගන ශිල්පිනී අනන්‍යා රාජ් අවසන් ගමන් යයි

තවද, මහනුවර නගරයට පිවිසෙන ස්ථාන 14 ක් ආවරණය වන පරිදි විශේෂ මාර්ග බාධක යොදවා තිබේ. පෙරහැර නැරඹීමට පැමිණෙන ජනතාවගේ පහසුව සඳහා රථවාහන ගාල් 13 ක්  වෙන් කර ඇත.

එමෙන්ම පෙරහැර පැවැත්වෙන කාලසීමාවේදී මහනුවර නගරය මඟහැර ගමන් කිරීම සඳහා විකල්ප මාර්ග හඳුන්වා දී ඇති අතර, හැකි සෑම විටම එම විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

Gallery