තිවංක පිළිමගෙයි සිතුවම් විනාශ මුඛයට...

Sri Lanka Buddhism
By Gagana Apr 24, 2024 04:08 AM GMT
Gagana

Gagana

Report

දකුණු ආසියාවේ ඉපැරණි කලාගාරයක් ලෙස සැලකෙන පොලොන්නරුව තිවංක පිළිමගෙය සඳහා ඉදිකර ඇති වහල නිසි ප්‍රමිතියකින් තොරවීම හේතුවෙන් එහි පෞරාණික සිතුවම් විනාශ වීමට පටන්ගෙන ඇත.

2015 දී රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් මේ සඳහා අලුතින් වහලක් ඉදිකළ ද එය සවිකර ඇත්තේ පිළිමගෙය විහාර මන්දිරයේ බිත්තිවලට අඩි 12 පමණ උසකින් බව, පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමි පෙන්වා දෙයි.

ඒ තත්ත්වය මත වර්ෂාවෙන් , සුළඟින් විහාරය තුළ ඇති සිතුවම්වලට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව තව ද,උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ ,අලුත් වහලයට යටින් ඇති පැරණි වහල සහ එහි දිරාපත් වූ ලී දඬු විහාර ගර්භය තුළට ඇද වැටීමේ අවදානමක් පවතින බව ය.