රට ගොඩනැගීමේ අලුත් වැඩපිළිවෙළක් ගැන තිස්ස කියයි.
සමඟි ජන බලවේගය ඕනැම අවස්තාවක රට භාර ගන්න සුදානම් සමගි ජන බලවේගයට රට ගොඩනැගිමේ ජාතික වැඩපිලිවෙලක් ඇති බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පා.ම තිස්ස අත්තනායක මහතා පවසනවා.
ඒ (20) දින නාවලපිටිය පල්ලේගම ශ්‍රි නන්දනාරාම විහාරස්ථානයේ සදහන්යාත්‍රා වැඩසටහනට එක් වෙමින් මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කියා සිටියේ, ලංකා දේශපාලනය පෙරළිකාරි වෙමින් පවතින බව හා ජනතාව විශාල බලාපොරොත්තු රැසක් සමග ජනාධිපතිවරයා සහ ආණ්ඩුව බලයට පත් කළා යනුවෙන්.
16 වැනි දා සිදු කළ සමගි ජන බලවේගයේ උද්ඝෝෂණය සාර්ථක බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ. සමඟි ජන බලවේගය ඕනැම අවස්තාවක රට භාර ගන්න සුදානම් බව හා ඒ සඳහා තමන් ඇතුළු පිරිසට දිර්ඝ කාලීන සැලසුම් තිබෙන බවත් ඔහු පැවසුවා.
මේ සඳහා නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් මහතා ද සභාගි වී සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
