මේ අපේ අවසන් IMF වැඩසටහන - ජනපති
By Hashini
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ ශ්‍රී ලංකාව මේ වන විට ඇතුළුව සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන්වල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එවන් වැඩසටහනකට යන අවසාන අවස්ථාව බවට පත් කරගැනීමේ අපේක්ෂාවක් තමන්ට ඇති බවයි.
ඒ මහතා මෙසේ පැවසුයේ කොළඹදී පැවති විශේෂ සමුළුවක් අමතමිනි.
“අපේ අදිටන මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක විස්තීර්ණ ණය වැඩසටහනට ආපු අවසන් වැඩසටහන බවට පත්කර ගැනීමේ අපේක්ෂාවක් අපිට තියෙනවා. 2028 වෙනකොට අප ගෙවිය යුතු ණය අපේ ස්වශක්තියෙන් ගෙවා ගැනීම සඳහා අවශ්‍ය වෙන ආර්ථික වර්ධනයක් සහ ආර්ථික ස්ථාවරභාවයක් නිර්මාණය කිරීමේ අපේක්ෂාවක් අපිට තියෙනවා.“