ආරක්ෂකයින් පිරිවරාගත් තිළිණි හෙලිකොප්ටර්වලින් කතරගම ගියපු සීනුත් මතුවෙයි..

Sri Lanka Police Sri Lanka Department of Prisons Sri Lanka
By Aruna Oct 12, 2022 01:40 AM GMT
Aruna

Aruna

Report

හොර සමාගමට ගෝනිවලින් සල්ලි ඇද්ද හැටි CCTV වලින් සොයයි ප්‍රකෝටිපතියන් රවටා රුපියල් බිලියන ගණනක් වංචා කළ තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය තිලිණි ප්‍රියමාලි සිය සැමියා සමග කතරගම දේවාලය වැඳ පුදා ගැනීමට අවස්ථා රැසකදී හෙලිකොප්ටර් යානා මගින් ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබෙනවා.

ප්‍රකෝටිපතියන්, දේශපාලනඥයන්, නළු නිළියන්, භික්ෂූන් වහන්සේලාගෙන් ලබාගත් රුපියල් බිලියන ගණනක මුදල් ගෝනිවල දමා සැකකාර තිලිණි ප්‍රියමාලි ගිනි අවි සහිත සිය පුද්ගලික ආරක්ෂකයන් පිරිවරා ගනිමින් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බටහිර කුලුණේ 34 වැනි මහලේ පවත්වාගෙන ගිය තිකෝ සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලය වෙත රැගෙන ගොස් තිබෙන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන පුළුල් පරීක්ෂණයේදී හෙළිදරව් වී ඇත.

තිලිණි ප්‍රියමාලි නමැති සැකකාරිය ප්‍රකෝටිපතියන් රවටා ලබාගත් මුදල් ගෝනිවලට බහා අවිගත් ආරක්ෂකයන්ගේද සහායෙන් ගෙන ආ ආකාරය මෙන්ම ඇයගේ සමාගමේ මුදල් තැන්පත් කළ පුද්ගලයන් හඳුනාගැනීම සඳහා ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ආරක්ෂිත සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කිරීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

මෙම මහා පරිමාණ වංචාවට හසුවූ ඇතැම් ප්‍රසිද්ධ දේශපාලනඥයන්, ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන්, ජනප්‍රිය නළු නිළියන් රැසක් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි සැකකාරියගේ ව්‍යාපාරික ස්ථානය වෙත පැමිණි බවට තොරතුරු වාර්තාවීමත් සමග එම පුද්ගලයන් කවුරුන්ද යන්න නිශ්චිතව හඳුනා ගැනීමට සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළා.

සැකකාර තිලිණි ප්‍රියමාලි ලබන 19 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයට පත්කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now