පියමාලිට රැවටුණු තවත් බලවතුන් විශාල පිරිසක්...ඔවුන් ගැන අමුතු හෙළිදරව්වක්..

Sri Lanka Police Sri Lanka
By Aruna Oct 10, 2022 03:07 AM GMT
Aruna

Aruna

Report

ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැඟිල්ලේ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගිය තිළිණි පියමාලි නමැති කාන්තාව සමග කිට්ටු සබඳතා පැවැත්වූ තවත් කෝටිපතියන් කීප දෙනෙකු ඇගේ වංචාවට හසුවී ඒ බව පොලිසියට පැමිණිලි කිරීමෙන් වැළකී සිටින බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘ප්‍රධාන පුවත්පතකට’ පවසා තිබේ.

මෙම කෝටිපතියන් තමන්ට සිදුවූ පාඩුව දරාගෙන සිටින බව දැන ගන්නට තිබෙන බව ද එම නිලධාරියා කීය.

මෙම වංචාවට තමන් හසුවී ඇති බව පොලිසියට ප්‍රකාශ කළහොත් මූල්‍යාතනයේ තැන්පත් කිරීමට ඔවුන්ට මෙපමණ විශාල මුදලක් ලැබුණු ආකාරය සනාථ කිරීමට නොහැකි නිසා පාඩුව මෙන්ම ලැජ්ජාවද විඳ දරාගෙන ඔවුන් සිටිය හැකි බව ඔහු කියා සිටියේය.

මෙම වංචනික කාන්තාව සමග කිට්ටු සබඳතා පැවැත්වූ දැනට හෙළිවී සිටින දේශපාලකයන්, රංගන ශිල්පීන් ඇතුළු පිරිසගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු කරන බව ද මෙම කාන්තාව සතු ලිපිගොනු, දුරකථන ඇමැතුම් මෙන්ම ඇයගේ කාර්ය මණ්ඩලයෙන්ද ප්‍රකාශ සටන් කර නීතිය ක්‍රියාත්මක කරන බව ද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now