ඝන මී දුම මාර්ග කිහිපයක් වසා ගනී

Report

ඝණ මීදුම් තත්ත්වයක් පැවතීම හේතුවෙන් නුවරඑළිය නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ග කිහිපයකම රථ වාහන ගමනා ගමනයට බාධා ඇතිව තිබෙනවා.

ඒ අනුව හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය සිට නුවරඑළිය දක්වාත්, නුවරඑළිය බදුල්ල ප්‍රධාන මාර්ගයේ නුවරඑළිය සිට හග්ගල දක්වාත්, නුවරඑළිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ බඹරකැලේ දක්වාත් මෙම ඝණ මීදුම් තත්ත්වය පවතින බවටයි වාර්තා වී ඇත්තේ.   

අල්ලස් ඉල්ලු සුරාබදු නිලධාරින් ගැන චෝදනාවක්

අල්ලස් ඉල්ලු සුරාබදු නිලධාරින් ගැන චෝදනාවක්

කෙසේ වෙතත් අදාළ ස්ථානවල වරින් වර මතුවන ඝණ මීදුම් තත්ත්වය හේතුවෙන් එම මාර්ගවල රථවාහන ධාවනය කිරිමේදී වාහනවල ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන යන ලෙස පොලිසිය කියා සිටිනවා.

එසේම එම ස්ථානවලින් ගමන් කිරීමේ දී වාහන වල වේගය හැකිතාත් අඩු කර ගනිමින් සෙමින් රිය ධාවනය කරන ලෙස ද නුවරඑළිය පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.