පොලීසියට අණ දීමට පොලිස්පතිවරයෙක් නෑ...

Report

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් පැනවීමෙන් පසු මේ වන විට ශ්‍රී ලංකා පොලිසියට අණ දීමට පොලිස්පතිවරයකු නොමැති බව වාර්තා වේ.

තමිල්නාඩු ධිවරයින් 09 දෙනෙකු අත්අඩංගුවට...

තමිල්නාඩු ධිවරයින් 09 දෙනෙකු අත්අඩංගුවට...

ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පතිවරයාගෙන් පසුව ඇති ඉහළම තනතුර වන පරිපාලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරය දැරූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ජූලි 18 වැනිදා සිට අනිවාර්ය නිවාඩු යැවී ය.

ඇමෙරිකාවේ හිටපු රහස් ඔත්තු ප්‍රධානී ඉල්ලා අස් වෙයි...

ඇමෙරිකාවේ හිටපු රහස් ඔත්තු ප්‍රධානී ඉල්ලා අස් වෙයි...

පාස්කු ඉරු දින ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවක් අනුව නිලන්ත ජයවර්ධනට එරෙහිව ජාතික පොලිස් කොමිෂන් සභාව ආරම්භ කළ විනය පරීක්ෂණයට අගතියක් නොවීමේ අරමුණෙන් මෙම තීන්දුව ගත්තේ යැයි ජාතික පොලිස් කොමිසම නිවේදනය කර තිබු අතර, මේ හේතුවෙන් පොලිස්පති ධුරයේ වැඩ බැලීමට පරිපාලන ජ්‍යෙෂ්ඨනියෝජ්‍ය පොලිස්පතිවරයකු ද නැත.

ඒ අනුව වාර්තා වන්නේ,ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන අනිවාර්ය නිවාඩු යවා මේ වන විට සතියක කාලයක් ගෙවී ඇතත් එම තනතුරටද මෙතෙක් කිසිවෙක් පත්කර නොමැති බව ය.