පාසල් රැසක මහා සොරකම් බැංකු සේප්පුවකින් මතු වූ හැටි මෙන්න..

Police School Bank Kahaduwa
By Aruna Oct 03, 2021 05:59 AM GMT
Aruna

Aruna

Report

කහදූව තලාව ප්‍රදේශයේ බැංකුවක සේප්පුව කඩා රුපියල් ලක්ෂ අටහමාරක මුදලක් සොරාගත් 5 දෙනෙකුගෙන් යුත් කල්ලියක් බද්දේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ සැකකරුවන් විසින් හික්කඩුව ප්‍රාථමික විද්‍යාලයේ ස්මාර්ට් පන්ති කාමරයේ තිබූ රුපියල් ලක්ෂ 10කට ආසන්න පරිගණක පද්ධතිය සහ රූපවාහිනී යන්ත්‍රය ද සොයාගෙන ඇති බවය.

තවද සැකකරුවන් විසින් බද්දේගම කොටගොඩ විද්‍යාලයේ සන්නිවේදන පද්ධතියේ උපකරණ ද සොරාගෙන ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

පසුගිය දා පැවති නිරෝධායන ඇඳිරිනීතිය මැද මෙම සැකකරුවන් විසින් අදාළ සොරකම් සිදුකර ඇති බවද හෙළිවී ඇත.

පොලීසිය පවසන්නේ සැකකරුවන් තදින්ම මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැයි වූවන් බවය.

සැකකරුවන් නාගොඩ, කහදූව සහ පිටිගල ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

සොරකම් කරන ලද උපකරණවලින් කොටසක් සැකකරුවන් විසින් හික්කඩුව හොරන්ගල්ල සහ පිටිගල ආදී ප්‍රදේශවලදී අඩු මුදලට අලෙවි කර ඇති බවද අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බද්දේගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now