ඩිෆෙන්ඩරයෙන් කොලඹ හෙල්ලූ සුරුපිනියන් අල්ලයි..

Sri Lanka Police Colombo Sri Lanka
By Sewvandhi Jul 10, 2023 02:45 PM GMT
Sewvandhi

Sewvandhi

Report

 පොලීසිය විසින් අණ නොතකා ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක් පැදවූ සුරූපී තරුණියන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නාවල සහ කොළඹ ප්‍රදේශයේ පදිංචි කොළඹ උසස් පාසලක අධ්‍යාපනය ලබන සිසුවියන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී මුලින්ම මරදාන ඩීන්ස් පාර ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කරමින් තිබූ එම ඩිෆෙන්ඩර් රථය තවත්වන ලෙසට මාර්ග රාජකාරියේ යෙදී සිටි මරදාන පොලීසියට අනුයුක්ත නිලධාරීන් සංඥා කර තිබේ.

නමුත් එම අන නොතැකූ ඩිෆෙන්ඩර් රථය ඉදිරියට ධාවනය කර ඇත. වහාම ක්‍රියාත්මක වූ මරදාන පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් එම රථය පිළිබඳව පොලිස් මෙහෙයුම් මැදිරිය දැනුවත් කර තිබේ.

ඒ අනුව මරදාන ටෙක්නිකල් මංසන්ධිය ආසන්නයේදී තවත් පොලිස් නිලධාරීන් පිරිසක් රථය නවත්වන ලෙසට සංඥා කර ඇත. එම අණද නොතකා ඩිෆෙන්ඩර් රථය ඉදිරියට ධාවනය කර ඇති බව පොලීසිය පවසයි.

පසුව කැළෑ පොළ ආසන්නයේ රැඳී සිටි පොලිස් නිලධාරීන් විසින් එම රථය නවත්වන ලෙසට සංඥා කළ ද එය නොතැකූ තරුණියන් පිරිස ඩිෆෙන්ඩර් රථය ඉදිරියට ධාවනය කර තිබේ. පසුව ක්‍රියාත්මක වූ පොලීසිය රථය පසුපස හඹා ගොස් එය නවතාගැනීමට සමත්ව ඇත.

එහිදී තරුණියන් පිරිස සහ පොලිස් නිලධාරීන් අතර බහින්බස්වීමක් සිදුව ඇති බවත් අනතුරුව සැකකාර තරුණියන් පිරිස අත්අඩංගුවට ගත් බවත් පොලීසිය පවසයි. සැකකාර තරුණියන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මරදාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරයි.

ReeCha