තරුණ තරුණියන් සයිනොෆාම් වර්ජනය කරයි.. ෆයිසර් එන තෙක් බලා සිටි.. (VIDEO)

covid19 Pfizer vaccination Sinopharm Ruwan Vijayamuni
By Sewvandhi Sep 14, 2021 10:45 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොළඹ නගරයේ තරුණ තරුණියන් සයිනොෆාම් එන්නත ලබා ගැනීමට වැඩි කැමැත්තක් නොදක්වන බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පවසයි.

එම පිරිස් ෆයිසර් එන්නත ලැබෙන තුරු බලා සිටින බවත් බවත් පැවසූ ඔහු ඒ හේතුවෙන් නගර සීමාවේ තරුණ තරුණියන් එන්නත්කරණය ඉතා මන්දගාමී වී ඇතැයිද පැවසීය.

නගර සීමාවේ තරුණ ජනගහනය 97,000ක් පමණ වුවද මේ වන විට එන්නත්කරණයට ලක්ව ඇත්තේ ඉන් තුනෙන් එකකට වඩා අඩු පිරිසක් බවත් ඔහු කියා සිටියි.

කොරෝනා මර්ධනය සදහා ෆයිසර් එන්නත වඩා ආරක්ෂා සහිත යයි පදනම් විරහිත මතයක් ඔවුන් විසින්ම ගොඩනගාගෙන තිබීම මෙයට හේතුවක් බවත් පැවසූ වෛද්‍යවරයා එහි කිසිම සත්‍යතාවක් නැතැයි ද කියා සිටියේය.

මේ වයස් කාණ්ඩ වලට සුදුසු මේ එන්නත - GMOA පැහැදිලි කිරීම-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now