නෝර්වේ රාජකීය පවුලෙන් තවත් කණගාටුදායක පුවතක්- හැරල්ඩ් රජුගේ අවමංගල්‍යයෙන් දින දෙකකට පසු ඇස්ට්‍රිඩ් කුමරියත් සමුගනී

By Kanchana Sep 12, 2026 05:05 AM GMT
Report

වයස අවුරුදු 89දී පසුගිය මාසයේ අභාවප්‍රාප්ත වූ පස්වන හැරල්ඩ් රජුගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම, කුමරියගේ අවසන් මහජන කටයුත්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කුමරියගේ දේහය රාජ්‍ය වියදමින් මිහිදන් කිරීමට කටයුතු කරන අතර, ඇයගේ අභාවය වෙනුවෙන් නෝර්වේ පුරා ජාතික කොඩි අඩකුඹු කිරීමට නියමිත බව එරට අග්‍රාමාත්‍ය ජෝනාස් ගාර් ස්ටෝරේ පවසා තිබේ. 1957 සිට 1991 දක්වා නෝර්වේ රාජ්‍ය පාලනය කළ පස්වන ඔලව් රජුගේ ජීවත්ව සිටි අවසන් දරුවා වූයේද ඇයයි.

මේ මාසයේ ඉන්ධන බිල වැඩි වෙයිද ? ඛණිජ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්

මේ මාසයේ ඉන්ධන බිල වැඩි වෙයිද ? ඛණිජ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්

ඇයගේ මව වූ ඔටුන්න හිමි කුමරිය මාර්තා 1954 වසරේදී අභාවප්‍රාප්ත වන විට ඇස්ට්‍රිඩ් කුමරියගේ වයස අවුරුදු 22ක් විය. ඉන් අනතුරුව ඇය නෝර්වේ රාජකීය පවුලේ ප්‍රධාන කාන්තා නියෝජිතවරියක් ලෙස කටයුතු කළ අතර, 1968 වසරේදී සිය සොහොයුරු වූ රජු විවාහ වන තෙක් එම වගකීම ඉටු කළාය.

නව රජු අටවන හකෝන් සඳහන් කර ඇත්තේ, සමාජයේ වඩාත් අවදානමට ලක්වූ පුද්ගලයන් වෙනුවෙන් රැකවරණය සහ සහභාගීත්වය තහවුරු කිරීම සම්බන්ධයෙන්ද ඇස්ට්‍රිඩ් කුමරිය විශේෂ අවධානයක් යොමු කළ බවයි.

පසුගිය මාස කිහිපය තුළ ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී තිබූ අතර, මාර්තු මාසයේදී නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබාගෙන තිබූ බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

ගුරු සේවයේ සිටින සියලුම ගුරුවරුන්ට සුබම සුබ ආරංචියක් - ආයේ උසස් වීම් ගන්න මේවා ඕන් නෑ

ගුරු සේවයේ සිටින සියලුම ගුරුවරුන්ට සුබම සුබ ආරංචියක් - ආයේ උසස් වීම් ගන්න මේවා ඕන් නෑ