ණය ගන්න මළ සිරුරක් සමඟ ආ කාන්තාවට සිදු වූ දේ. - (VIDEO)

By Wayomi Apr 19, 2024 09:19 AM GMT
Report

බ්‍රසීලයේ රියෝ ඩී ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආසන්න) ණය මුදලක් ගැනීමට උත්සාහ කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 42 හැවිරිදි එරිකා ඩී සෝසා නම් කාන්තාවක් වන අතර ඇය බැංකුවට රැගෙන විත් ඇත්තේ 68 හැවිරිදි පවුලෝ රොබෙර්ටෝ නම් පුද්ගලයෙක්.

ඔවුන් ඥාතීන් බව මූලික විමර්ශනවලදී හෙළි වී ඇති අතර එරිකා පවුලෝ රෝද පුටුවක තබා ගනිමින් රියෝ ඩී ජෙනෙයිරෝ බැංකුවට පැමිණ ඇත.

එම අවස්ථාවේදී පවුලෝගේ බෙල්ල පහළට කඩා වැටී ඇස් වැසී තිබීම හේතුවෙන් බැංකුවේ කාර්ය මණ්ඩලයට සැකයක් මතුව තිබෙනවා.

ණය අයැදුම් කිරීමේ කවුන්ටරය වෙත පැමිණ “මාමේ, ණය ගන්න අත්සන් කරන්න. මට ඔයා වෙනුවෙන් අත්සන් කරන්න බෑ. ණය ගන්න ඕනෑ නම් අත්සන් කරන්න" යනුවෙන් එරිකා මළසිරුරට ප්‍රකාශ කර ඇති බවයි බ්‍රසීල පොලිසිය කියා සිටියේ.

එම අවස්ථාවේදී බැංකුවේ කාර්ය මණ්ඩලයට සැක සිතී හදිසි ඇමතුම් අංකයට දුරකතන ඇමතුමක් ලබා දී අතර අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා. 

CLICK - WATCH ON YOUTUBE ?

......................................................................

May you Like