අද රාත්‍රියේ කාලගුණය දරුණු විය හැකියි. - දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්.

Sri Lanka Department of Meteorology Weather
By Wayomi Nov 19, 2023 11:43 AM GMT
Wayomi

Wayomi

Report

අද (19) සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව මධ්‍යම, සබරගමුව, දකුණ, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර, නැගෙනහිර, උතුර, උතුරු මැද, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වලත් මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි එහි දැක්වෙන්නේ.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බවත්, අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

ReeCha