පත්තරේට කෙළවපු හඳුන් හත්පොලේ ගා ගනියි, කරන්න හොඳයි කවුරුත් දැනගන්න නරකයි මාලිමාවේ මරු තියරි[PHOTO]
ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගමේ සභාපති වශයෙන් ක්‍රියා කළ ටී. අශෝක පීරිස් කිසිම පෙර දැනුම්දීමක් නැතිව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති විසින් ඉවත්කිරීම පිළිබඳව හෙළිකිරීමෙන් පසුව “අනිද්දා” පුවත්පත මිලදී ගැනීමට එම ආයතනයෙන් ලබාදී තිබූ ඇණවුම අත්හිටුවා ඇති බව වාර්තා වේ.
ඒ අනුව අනිද්දා පුවත්පත වාර්තා කර ඇති ආකාරයට ලංකා මිනරල් සෑන්ඩ්ස් ආයතනයේ පාලන හා මානව සම්පත් කළමනාකාර බී.ඒ. හේමලතා මඟින් ඒ පිළිබඳව පුවත්පතේ බෙදාහැරීම් කළමනාකරුට ලිපියක් යොමුකරමින් දැනුම්දී ඇති බව සඳහන්.
අඳාළ ලිපියේ සඳහන් වන ලෙසට 2025 වසර වෙනුවෙන් අනිද්දා පුවත්පත මිලදී ගැනීමට ලබාදුන් ඇණවුම 2025/ 07/09 සිට අත්හිටුවීමට එහි පාලනාධිකාරිය කටයුතු කර ඇති බව දක්වා ඇත.
එයට සමගාමී සංස්කාරක සටහන පහතින් දක්වා ඇත.
"මෙම සිදුවීමෙන් පැහැදිලි වන්නේ, රජය ප්‍රමුඛ විෂය භාර අමාත්‍යවරයාට අප්‍රසන්න සහ අශිෂ්ට ලෙස “කරන්න හොඳයි – කවුරුත් දැනගන්න නරකයි” පන්නයේ පුවත් පළකිරීමේදී, මාධ්‍ය ආයතන වෙත ආර්ථිකමය වශයෙන් බලපෑම් එල්ල කිරීමේ ප්‍රවණතාව ජාතික ජනබලවේගය ආණ්ඩුව විසින්ද ක්‍රියාවට නංවා ඇති බවයි. පැහැදිලිව රාජ්‍ය ආයතනයක් මෙලෙස පුවත්පතක් මිලදී ගැනීම අත්හිටුවීම, නිදහස් මාධ්‍යයකට තම වගකීම නිසි ලෙස ඉටුකිරීමට ඇති අවකාශය සීමා කරන පළිගැනීමක් මිස වෙනත් යමක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මාධ්‍යයේ කාර්යභාරය වන්නේ රජයේ ක්‍රියාකලාපය විවේචනය කිරීම, වැරදි හෙළිදරව් කිරීම සහ මහජනතාවට සත්‍ය තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීමයි.

තිරිසන් වැඩ කරන්න එපා..අවජාතක දරැවා කාගෙද? වහාම අත්අඩංගුවට ගන්න කියලා කට ගන්න හම්බුන් නෑ මදැයි පියුමිට වුණ වැඩක්
මෙවැනි සිදුවීම්, මාධ්‍යවේදීන් ස්වයං වාරණයට ලක්වීමට හේතු වන අතර, අවසානයේදී එය මහජනතාවට දැනගැනීමට ඇති අයිතියට සෘජුවම බලපායි. නමුත් සැබෑ මාධ්‍ය නිදහස තහවුරු වන්නේ මෙලෙස ආර්ථිකමය හෝ වෙනත් වක්‍ර බලපෑම්වලින් තොරව, පුවත්පත්වලට සහ මාධ්‍යවේදීන්ට නිදහසේ තොරතුරු වාර්තා කිරීමට අවස්ථාව ලැබෙන විටය. “අනිද්දා” පුවත්පතට එල්ල වූ මෙම බලපෑම, මාධ්‍ය නිදහස රැකගැනීමේ අභියෝගය ජාතික ජනබලවේගය ආණ්ඩුව යටතේද කිසිඳු වෙනසකින් තොරව ඇති බව තහවුරු කරයි. අනෙක් අතට, ” අපිව විවේචනය කරන්න, රෙකෝර්ඩ් කරලා පස්සේ අහන්න,” වැනි ප්‍රකාශ විපක්ෂයේ සිටියදී මාධ්‍යට පැවසූ සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයෙකුව ඔහුගේම අමාත්‍යංශය යටතේ ඇති ආයතනයක් හරහා මාධ්‍ය මර්දනයට මෙසේ වැඩ ඇල්ලීම ගැන අමාත්‍යවරයාද ලැජ්ජා විය යුතුය."
