අත්අඩංගුවට ගත් DMT හිටපු සහකාර ලේකම්වරිය ඇතුළු නිලධාරින්ට ඇප (UPDATE)

Report

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක් සහ කළමනාකාර සහකාරවරු දෙදෙනෙක් අද (14) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය ඉදිරියට ඉදිරිපත් කරන ලදී.

මෙහිදී සැකකරුවන් වෙනුවෙන් නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඔවුන් ඇප මත මුදා හැරීම සඳහා ය.

නමුත් අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පැවැත්වෙන බවය.

එම කරුණු සැලකිල්ලට ගනිමින් අධිකරණය නියෝග කළේ සැකකරුවන් තනි තනිව රුපියල් මිලියන 2 බැගින් වූ ශරීර ඇප මුදල් යටතේ වන අතර, ඔවුන්ගේ විදේශ ගමන් තාවකාලිකව තහනම් කිරීමටත්ය.

------------------------------------------------------------------------------------------------

හිටපු සහකාර ලේකම්වරියක් ඇතුළු නිලධාරින් 3ක් කොමිසමෙන් අත්අඩංගුවට (2.56 p.m)

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර ලේකම්වරියක ඇතුළු නිලධාරීන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

ඒ ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ලෙසට ලියාපදිංචි වූ වාහන පිළිබඳව සිදුකරන විමර්ශනයකට අදාළවයි.

ඒ අනුව අදාළ වාහනය නීත්‍යානුකූල නොවන පැවරීමක් සිදුකිරීමට අනුමැතිය ලබාදීම පිළිබඳව හිටපු සහකාර කොමසාරිස්වරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ පියුමිගේ පුත්‍රයාගේ හෙල්මට් පාර කෑවා මදිවට දැන් පවුලටත් තර්ජන

ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ පියුමිගේ පුත්‍රයාගේ හෙල්මට් පාර කෑවා මදිවට දැන් පවුලටත් තර්ජන

එසේම ඇය මේ වනවිට ඉඩම් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරිය වශයෙන් ද කටයුතු කරන බව සඳහන්.

එමෙන්ම එම වාහනය පිළිබඳව අනීතික ආකාරයට මුල් පැවරීම සිදුකරීම මත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ශාඛාවේ සංවර්ධන සහකාරවරයෙක් ද අත්අඩංගුවට පත්ව ඇති බව පවසයි.

ඊට අමතරව අල්ලස් කොමිසමෙන් එම වාහනය අනීතිකව පැවරීමක් සිදුකිරීමට නිර්දේශ ලබාදීම පිළිබඳව නාරාහේන්පිට ශාඛාවේම විමර්ශන අංශයේ, අධීක්ෂණ නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තිරිසන් වැඩ කරන්න එපා..අවජාතක දරැවා කාගෙද? වහාම අත්අඩංගුවට ගන්න කියලා කට ගන්න හම්බුන් නෑ මදැයි පියුමිට වුණ වැඩක්

තිරිසන් වැඩ කරන්න එපා..අවජාතක දරැවා කාගෙද? වහාම අත්අඩංගුවට ගන්න කියලා කට ගන්න හම්බුන් නෑ මදැයි පියුමිට වුණ වැඩක්