රැඳවියෙකුට මත්කුඩු දී පලාගිය බන්ධනාගාරයේ නියාමකවරයා.

Sri Lanka Police Sri Lanka
By Wayomi Apr 05, 2023 09:28 AM GMT
Wayomi

Wayomi

Report

රැඳවියෙකුට මත්කුඩු ග්‍රෑම් 50 ක් ලබාදී පලාගිය ලබාදී පලාගිය කළුතර බන්ධනාගාරයේ නියාමකවරයෙකු සොයා පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

සැකකාර නියාමකවරයා විසින් හෙරොයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට පත්ව සිර දඬුවම් විඳින රැඳවියෙකුට කිසියම් දෙයක් හොර රහසේ ලබා දෙන අයුරු රාජකාරි යෙදී සිටි බන්ධනාගාර නිලධාරියෙක් දැක තිබුණා.

පසුව රැඳවියා පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී මත්කුඩු විශේෂයක් සොයාගෙන ඇති අතර ඒවා කුමන වර්ගයක් ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

රැඳවියා සන්තකයේ තිබූ මත්කුඩු බන්ධනාගාර නිලධාරියා විසින් සිය භාරයට ගන්නා අයුරු දුටු නියාමකවරයා අධිකරණ රාජකාරි කටයුත්තකට යාමට තිබෙන බව පවසා කඩිමුඩියේ බන්ධනාගාරයෙන් පිටව ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

කෙසේ වෙතත් බන්ධනාගාර නියාමකවරයා ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW