කාන්තා ලෝක කුසලාන නිලධාරිනියන් අතරට තේරී පත් වූ ලාංකික කතුන් දෙදෙනා...

By Parami Dissanayake Sep 25, 2024 02:48 PM GMT
Report

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ඔක්තෝම්බර් මසදී ආරම්භ වීමට නියමිත පන්දුවාර 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නම් කළ නිලධාරීන් අතරට ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් ඇතුළත්ව ඇත.

ඒ අනුව, මි‍ෂෙල් පෙරේරා තරග තීරකවරියක් ලෙසත්, නිමාලි පෙරේරා විනිසුරුවරියක් ලෙසත් නම්කර ඇත.

ඉන්දීය විදේශ කටයුතු ඇමැති ජෙයිශංකර්ගෙන් විජිත හේරත්ට සුබ පැතුම්...

ඉන්දීය විදේශ කටයුතු ඇමැති ජෙයිශංකර්ගෙන් විජිත හේරත්ට සුබ පැතුම්...

09 වැනි වතාවටත් ක්‍රියාත්මක ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන රටවලින් තෝරා ගන්නා ලද නිලධාරීවරියන් 10 දෙනෙකුට මෙවර ලෝක කුසලාන තරගාවලියේ නිලධාරිනියන් ලෙස කටයුතු කිරීම සඳහා අවස්ථාව හිමි වේ.

කාන්තා 20යි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 3 වැනිදා සිට ඔක්තෝබර් 20 වැනිදා දක්වා පැවැත්වෙයි.

එමෙන්ම, මිෂෙල් පෙරේරා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකදී තරග තීරකවරියක ලෙසින් කටයුතු කරනු ලබන දෙවැනි වතාව මෙය වන බව ද වාර්තා වේ.