මියන්මාර ත්‍රස්ත ග්‍රහණයෙන් බේරුණු 3ක් CIDයට. - තැරැව්කරුවන් තිදෙනා සොයා මෙහෙයුම්. (VIDEO)

CID - Sri Lanka Police Sri Lanka Police Sri Lankan Peoples Myanmar
By Wayomi Dec 25, 2023 05:28 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලාංකිකයින් 56 දෙනෙකු මියන්මාරයේ ත්‍රස්ත සංවිධානයක් මගින් බලහත්කාරයෙන් රඳවාගෙන සයිබර් වහලුන් ලෙස සේවයේ යොදවා ඇති බවට පසුගියදා වාර්තා වුණා.

එවැනි පසුබිමක, මින්පෙර එම කඳවුරෙන් බේරී යළි මෙරටට පැමිණි පස්දෙනෙකු අතරින් තිදෙනෙක් ඊයේ (24) CIDයේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබුණා.

ඒ, ප්‍රකාශයක් ලබා දීම සඳහා වන අතර ඔවුන් ත්‍රස්තයන්ගෙන් බේරී නැවත මෙරටට පැමිණ ඇත්තේ නොවැම්බර් මස 04 වනදායි.

මියන්මාර ත්‍රස්ත ග්‍රහණයෙන් බේරුණු 3ක් CIDයට. - තැරැව්කරුවන් තිදෙනා සොයා මෙහෙයුම්. (VIDEO) | The Three Who Survived The Grip Of Myanmar Terror

මොවුන් දත්ත ක්‍රියාකරුවන් ලෙස මෙම වසරේ අප්‍රේල් මාසයේ මියන්මාරයට ගිය තරුණයින් සිව්දෙනෙකු සහ තරුණියකගෙන් සමන්විත කණ්ඩායමක්.

මෙලෙස ශ්‍රි ලාංකිකයන් නීති විරෝධීව මියන්මාරයට යැවීම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩා මහතාගේ මෙහෙයවීම මත විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වනවා.

කෙසේ වෙතත් මේ වන විට සිදු කළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ අරලගංවිල, වතුරේගම සහ දොරතියාව ප්‍රදේශවල පදිංචි තැරැව්කරුවන් තිදෙනෙකු විසින් ශ්‍රි ලාංකිකයින් පිරිස සංචාරක වීසා මත එරටට යවා ඇති බවයි.

අදාල තැරැව්කරුවන් තිදෙනා මේ වන විට ඒම ප්‍රදේශවලින් පළාගොස් ඇති බවද අනාවරණය වී ඇත.

මියන්මාර ත්‍රස්ත ග්‍රහණයෙන් බේරී පැමිණි තරුණයෙක් සිදු කළ ප්‍රකාශයක්,

"කඳවුරට එක්කගෙන ගියේ බෝට්ටුවලින්. පහරදීලා වැඩගන්නවා දවසට පැය 19ක්, 20ක් වගේ වැඩ කරනවා අනිවාර්යෙන්ම. පාරිභෝගිකයෝ හොයන්න ඕන උදේ 6 වෙද්දි එක පාරිභෝගිකයෙක්වත් නැතිවුණොත් කන්න දෙන්නේ බිත්තරයක්. දවල් 12 වෙද්දිත් නැතිවුණොත් දෙන්නේ බිත්තරයක්. වතුරවත් බොන්න දෙන්නෙ නැහැ. එයාලා අපිව වෙනත් තැනකට විකුණන්න හැදුවා. අපි එයාලට ගහලා පැනලා ආවා. අපිව බේරගන්න රතු කුරුස සංවිධානයේ දෙන්නෙක් ආවා. මේ පිටුපස ඉන්න ශෂී, ප්‍රභාත්ට නීතිය ක්‍රියාත්මක කරන්න."



ReeCha