2009 වර්ෂයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට බෝම්බ ගැසූ ත්‍රස්තවාදියා ඝාතනය කෙරේ .
2009 වසරේ ශ්‍රී ලංකා -පාකිස්තාන් ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය සඳහා ලාංකීය ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානය බලා පිටත්ව ගිය අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත බෝම්බ ප්‍රහාරය ලංකාව පමණක් නොව මුළු මහත් ලෝකය තුලම මහත් ආන්දෝලනයක් ඇති කළ සිදුවීමක් විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායාමේ ක්‍රීඩකයන් රැගත් බස් රථය දෙරර්ට අතර පවතින දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා සහභාගී වීමට යන අවස්ථාවේදී පාකිස්තානයේ ලාහෝර් ප්‍රදේශයේ මෙම ත්‍රස්ත ප්‍රහාරයට ලක් වූ අතර පසුව ඒ සම්බන්ධයෙන් සිදුකල විමර්ශන වලින් අනතුරුව මෙම ත්‍රස්ත ක්‍රියාව ප්‍රභල ත්‍රස්ත කණ්ඩායමක් වන තලෙබානුවන් විසින් සිදුකළ ප්‍රහාරයක් බවට තහවුරු වුණා .
විදෙස් මාධ්‍ය සඳහන් කළේ එම ත්‍රස්ත ක්‍රියාවට සම්බන්ධ කණ්ඩායමේ මහ මොළකරුවෙකු වූ ඉක්බාල් හෙවත් බාලි නැමැති ත්‍රස්වාදියාව පාකිස්තානු පොලිසිය විසින් ඝාතනය කර ඇති බවයි.
එමෙන්ම මොහු මුළු ලොවක් ආන්දෝලනයට පත් කල එම සිදුවීමට සම්බන්ධ මෙන්ම ත්‍රස්ත සිද්ධීන් 21 කට සම්බන්ධව සිටි පුද්ගලයෙකු බවයි පාකිස්තානු පොලිසිය අවධාරණය කළේ..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |