සුසුමින් කුරුටු ගෑ ආදරයේ කඳුළු කතාව... පළමු කොටස....
පෙරවදන
ගරා වැටිච්ච ගෙයක්, වල් වැහුණු පාළු ඉඩමක. ඉඩමට එපිටින් කම්බි වැටකින් වටකරපු මායිමකට එහා පැත්තෙ අවන්හලක් ඉදිවෙනවා. ඉදිකිරීම් වලින් යටවෙලා යන ජිමීගෙ සොහොන දිහා පේක් බලාගෙන හිටිය වැටට මෙහාපැත්තෙ ඉඳන්, පාළු ඉඩමට වෙලා. ජේක් අනීතත් එක්ක ජීවත් වුණ ගේ දැන් නටඹුන් වෙලා ගිහින්.
ජේක් අතේ තිබුණ දුම්වැටියෙන් උගුරක් ඇද්ද.
හීනයක්...., ඒ හැමදෙයක්ම හරියට රෑ දැකපු සිහිනයක් වාගෙ. ජේක් ගේ ඇස් වලින් කඳුළක් මෝදු උනා.
----------------------
එදා ජේක් ගේ කැබ් එක ඇක්සිඩන්ට් වුණා. ජේක්ට සෙට් උනේ වාත කස්ටමර් කෙනෙක්. ‘‘තමුසෙට මීට වඩා වේගෙන් යන්න බැරිද? අයිෂේ මට පරක්කු උනා’’ කලු මහත මිනිහ කෙඳිරි ගාන්න ගත්ත. මිනිහගෙ බරට වාහනේ පිටිපස්සෙ ඇක්සල් කිරි කිරි ගානව. ජේක් කට පියාගෙන හිටියා.
‘‘තමුසෙ අලුතෙන්ද මේ ජොබ් එක පටන් ගත්තෙ?’’
මිනිහ සද්දෙ නැවැත්තුවෙම නෑ.
කරදරේ බේරෙන්න බැරිම තැන ජේක් ස්පීඩ් එක ටිකක් වැඩි කළා. කලර් ලයිට් එකෙන් එහා පැත්තෙ මිනිහ බහින හෝල්ට් එක. රෙඩ් වැටෙන්න ළඟයි.
‘‘අයිෂේ හරි අප් හරි අප්’’
මිනිහ කෑ ගහනව. රතු පාට පත්තු වෙනවත් එක්කම ජේක් ඉර පැන්න. දඩාං.....
ටිකට් එකත් අරගෙන ජේක් ඩ‍්‍රයිවින් සීට් එකේ වාඩි වුණේ එපා වෙලා. දැන් ටැක්සි කම්පැනි එකේ අයිතිකාරයගෙනුත් බැණුම් අහන්න ඕන.
ජේක්ට වැඩි දුරක් යන්න ලැබුණෙ නෑ. ඒ වෙලාවෙ ටිකක් වැස්ස. කලර් ලයිට් එකක නවත්තගෙන ඉන්නකොට ටැක්සි කියාගෙන ගෑණු ළමයෙක් ගොඩ උනා. කෙල්ල අඬනව. ජේක්ට කර කියාගන්න දෙයක් නැති වුණා.
ගෑණු ළමය අතේ පොඩි බලූ පැටියෙක්.
‘‘අනේ, ප්ලීස්. මෙයාව අරන් යන්න ඩොක්ට ගාවට. මට උදවු කරන්න. මෙයාව කවුරුත් ගන් නෑ වාහන වලට. මෙයා කතා කරන් නෑ අනේ. මෙයාව ඩොක්ට කෙනෙක් ගාවට ගෙනියන්න මට උදවු කරන්න. ප්ලීස්... අනේ ප්ලීස්’’
ඇය හඬමින් බැගෑපත් වුණා.
ජේක් වික්ෂිප්ත වුණා.
ඔහුට කල්පනා කරන්නට වේලාවක් තිබුණේ නෑ. ඒ වෙනකොටත් ආලෝක සංඥා වල කොළ එළි දැල්වෙන්නට පටන් අරන්. ජේක් හතරමංහන්දියෙන් වාහනය චයිනා ටවුන් දිහාට හැරෙවුව.
දෙවන කොටසින් සිකුරාදාට හමු වෙමු...