පෙරුම්පුරාගෙන යළි ඇරඹු සපුගස්කන්ද යළි අවදානමක.

Sri Lanka Sapugaskanda
By Wayomi Dec 19, 2022 05:38 AM GMT
Wayomi

Wayomi

Report

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව යළිත් වරක් වසා දැමීමේ අවදානමක් මතුව තිබෙනවා.

ඒ, ඉන්ධන පිරිපහදුවෙන් සිදුකරන පිරිපහදු නිෂ්පාදන ගබඩා කිරීමට නොහැකි වීම හේතුවෙන්.

මේ අනුව මෙම වසරේ පස්වන වරටත් ඉන්ධන පිරිපහදුව වසා දමා තබා මීට දින කිහිපයකට පෙර යළි එහි වැඩ කටයුතු ආරම්භ කළා.

යළි ආරම්භ කිරීමත් සමඟ මේ වන විට පිරිපහදු නිෂ්පාදන ගබඩා තුළ ගොඩගැසී ඇති බව සඳහන්.

ඊට හේතුව වී ඇත්තේ ප්‍රමාණවත් පරිදි බොරතෙල් මෙරටට ගෙන ඒමට හැකියාව නොපැවැතීම හේතුවෙන් නියමිත ප්‍රමිතියට පිරිපහදු නිෂ්පාදන වෙළෙඳපොළට යොමු කිරීමට අවස්ථාව නොලැබීමයි.

නමුත් එහි සේවකයින් පවසන්නේ, නියමිත ප්‍රමිතියට ඉන්ධන නිෂ්පාදනය කරන තෙක් පිරිපහදු නිෂ්පාදන ගබඩා කළ යුතු අතර ඒ සඳහා ඉන්ධන පිරිපහදුවක් වසරක කාලයක් අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බවයි.    


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW