ලංකාවේ රිළවු චීනය ඉල්ලයි - පළමු අදියර යටතේ ලක්ෂයක් රිළවුන් චීනයට?.. (VIDEO)
මෙරට රිළවුන් චීනයේ සත්වෝද්‍යාන සඳහා ලබාදෙන ලෙස චීන නියෝජිතයන් පිරිසක් විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
මෙරට රිළවුන් ගහණය ලක්ෂ 30 කට ආසන්න බව හෙළිදරව් වී ඇති අතර ඒ හේතුවෙන් වගා හානි සිදුකරන සතුන් අතර ප්‍රමුඛයා ද රිළවා වේ.
මේ අතර රිළා ගහණය අවම කරගැනීමට රජය විසින් මෙතෙක් ගත් සියලු උත්සහයන් ව්‍යර්ථ වී ඇත.
ශ්‍රී ලංකාවේ රිළවුන් විදේශ රටකට ලබාදීමේ දී පවතින නීතිමය තත්වයන් ගැන අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යටත්ව කමිටුවක් පත් කිරීමට පියවර ගත යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ය.
ඊයේ (11) දිනයේ, එම ඉල්ලීමට අනුව මෙරට රිළවුන් ලක්ෂයක් පමණ පළමු අදියර යටතේ ලබාදීම සඳහා විශේෂ සාකච්ඡාවක් ද කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පවත්වා තිබෙනවා.
ඒ අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ ජාතික සත්වෝද්‍යාන සහ වනජීවී දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ය.
ඊට අදාළ නීතිමය තත්වයන් පිළිබඳව කරුණු අධ්‍යයනය සඳහා කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ද සකස් කිරීමට නියමිතයි.
දර්ශන අයිතිය - Hiru News