ව්‍යාපාරික වීසා අරන් ආගම් ප්‍රචාරයට ආ පූජකයාට මෙරට ජනතාව දුන් දඬුවම.
ඉන්දියාවේ සිට මෙරටට පැමිණ යාපනය ප්‍රදේශයේ ‘ආශීර්වාද මෙහෙයන්’ සිදු කිරීමට සූදානම් වූ පූජකවරයකු ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් සිව් දෙනකුගෙන් යුතු පිරිසක් ආපසු ඉන්දියාවට හරවා යැවීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ඊයේ (24) පියවර ගෙන තිබෙනවා.
ඒ, එම ප්‍රදේශයේ ජනතාවගෙන් එල්ල වූ විරෝධතාවත් සමඟයි.
පෝල් තිනකරන් (Paul Dhinakaran) නමැති මේ පූජකවරයා සමඟ ඔහුගේ බිරිය සහ දරු දෙදෙනා ඉකුත් 15 දා කටුනායක ගුවන්තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
ඉන් පසු ඔවුන් 23 දා ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගුවන් ගමනක යෙදෙමින් රත්මලාන සිට පලාලි වෙත ගොස් ඇත්තේ, 24 - 25 දෙදින මනිපායිහිදී ‘ආශීර්වාද මෙහෙයන්‘ පැවැත්වීම සඳහායි.
ඊට විරුද්ධව ප්‍රදේශවාසි ජනතාව ප්‍රදේශය පුරා පෝස්ටර් අලවමින් දැඩි විරෝධතාවක් දක්වා තිබෙනවා.
මේ පූජක පවුල ව්‍යාපාරික වීසා යටතේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, මේ පිළිබඳ අවධානය යොමු කළ ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, ව්‍යාපාරික වීසා යටතේ පැමිණ ආගමික මෙහෙයන් පැවැත්වීම සහ ප්‍රදේශය පුරා ඇතිව පවතින ජනතා විරෝධතා සැලකිල්ලට ගෙන මේ පිරිස ආපසු ඉන්දියාව බලා පිටත් කර හැරීමට පියවර ගැනුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
