අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ගණන් පහළ බසී.
Sri Lanka Economic Crisis
Sri Lanka Food Crisis
By Wayomi
ආර්ථික මධ්‍යස්ථාන බොහොමයක අද(01) දිනයේ දී එළවළු, සහල් සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග මිල ගණන් අඩු වී තිබෙනවා.
ඒ අනුව කැරට්, බෝංචි, ලීක්ස්, වම්බටු, අමු මිරිස් මිල ගණන් මෙලෙස පහත වැටී තිබෙනවා.
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය සඳහන් කළේ, ඊයේ දිනට සාපේක්ෂව අද දිනයේ බෝංචි රුපියල් 52 කින්, කැරට් රුපියල් 6 කින්, ලීක්ස් රුපියල් 15කින්, වම්බටු රුපියල් 9 කින් සහ අමුමිරිස් රුපියල් 5 කින් පහත වැටී ඇති බවයි.
මේ අතර සුදු කැකුළු කිලෝවක තොග මිල රුපියල් දෙකකින් සහ රතු කැකුළු කිලෝවක තොග මිල රුපියලකින් ද පහත වැටී තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |