අද සිට සිකුරාදා දක්වා සතියක් දිස්ත්‍රික් 12ක කරන්න යන දේ මෙන්න.

Sri Lanka Ministry of Health Sri Lanka Western Province National Health Service
By Aruna Nov 04, 2024 03:39 AM GMT
Aruna

Aruna

Report

සරම්ප නිවාරණ සතිය අද(04) දින සිට ආරම්භ වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ, අද සිට ලබන 09 වැනිදා දක්වා දිස්ත්‍රික්ක 12ක් ආශ්‍රිතව වැඩසටහන ක්‍රියාත්මක බවයි.

අද සිට සිකුරාදා දක්වා නිවෙස් , සේවා ස්ථාන හා උසස් අධ්‍යාපන ආයතන වෙත ගොස් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ අතුල ලියනපතිරණ මහතා සඳහන් කළා.

16 හැවිරිදි දැරියකට ඡායාරූපයක් පෙන්වා හෝටලයකට ගෙන ගොස් කරපු අපරාදය මාට්ටු වෙයි..

16 හැවිරිදි දැරියකට ඡායාරූපයක් පෙන්වා හෝටලයකට ගෙන ගොස් කරපු අපරාදය මාට්ටු වෙයි..


සරම්ප රෝගය නැවත ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් වසංගත රෝග තත්ත්වයන් සඳහා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ ඒකකයක් විවෘත කර ඇති අතර පෙරවරු 7.00 සිට පස්වරු 6.00 දක්වා එම ඒකකයෙන් ජනතාවට, සරම්ප ඇතුළු වසංගත රෝග පිළිබඳ තොරතුරු විමසීය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

පහත දුරකතන අංක ඔස්සේ ඒ පිළිබඳ තොරතුරු විමසිය හැකිවේ.

0117446513 , 0117682722 , 011768 28 72 හෝ 0117682662

ReeCha