16 හැවිරිදි දැරියකට ඡායාරූපයක් පෙන්වා හෝටලයකට ගෙන ගොස් කරපු අපරාදය මාට්ටු වෙයි..

Report

මව විදේශ ගතව, පියා ඔත්පලව, සීයා භාරයේ සිටින 16 හැවිරිදි බාල වයස්කාර දැරියක්, හැඳුනුම්පත සකසා දෙන බව පවසමින්, රවටා ගෙන ගොස්, දැරිය සමඟ ඡායාරූපයක් ගෙන එම ඡායාරූපය ප්‍රසිද්ධ කරන බවට දැරිය බිය ගන්වා වරින් වර ඇයව දූෂණය ලක් කළ 45 හැවිරිදි පුද්ගලයෙකු පෙරේදා (02) අත්අඩංගුවට ගත් බව ඇලයාපත්තුව පොලිසිය පවසනවා.

දැරියගේ අසල්වැසියෙකු වන සැකකරු ඇයට හැඳුනුම්පත සකස් කිරීමට අවශ්‍ය ඡායාරූපයක් ගැනීම සඳහා අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ ඡායාරූපාගාරයක් වෙත රැගෙන ගොස් එම ඡායාරූපය ගැනීමට උදව් කර ඇති බවයි පොලිසිය කියා සිටියේ.

අද සවස් කාලයේ මේ ප්‍රදේශ වල ජනතාව අවධානයෙන් ඉන්න..ඉදිරි පැය 24 ගැන දැනුම්දීමක්.

අද සවස් කාලයේ මේ ප්‍රදේශ වල ජනතාව අවධානයෙන් ඉන්න..ඉදිරි පැය 24 ගැන දැනුම්දීමක්.


පොලිසිය කියා සිටින්නේ, පසුව සැකකරු දැරිය සමඟ ඡායාරූපයක් ගැනීමට අවශ්‍ය බව පවසා ඇති අතර, සැකකරුගේ බල කිරීම හේතුවෙන් දැරිය ඒ සඳහා පසුව කැමති වී ඇති බවයි.

අනතුරුව සැකකරු එම ඡායාරූපය දැරියට නිතර පෙන්වමින්, එය ප්‍රසිද්ධ කරන බවට පවසමින් දැරිය බිය ගන්වා අවස්ථා කිහිපයකදී අනුරාධපුර මයිල ගස් හන්දිය ප්‍රදේශයේ හෝටලයකට රැගෙන ගොස් දූෂණයට ලක් කර ඇති බව පොලිසිය කියා සිටිනවා.

හදිසි හේතුවක් මත පාසල් වසා දැමීමක්..ඇතැම් පාසල් ජනවාරි දක්වා වසා දැමේ.

හදිසි හේතුවක් මත පාසල් වසා දැමීමක්..ඇතැම් පාසල් ජනවාරි දක්වා වසා දැමේ.


අත්අඩංගුවට ගත් 45 හැවිදි සැකකරු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ඇලයාපත්තුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.