උත්සව සමයේ සහල් වලට කුමක් වෙයි ද?.

Report

උත්සව සමය ඉලක්ක කර වැඩි ලාභ ලබා ගැනීමේ අරමුණින් මෝල් හිමියන් විසින් වෙළඳ පොළේ සහල් හිඟයක් මවා පෑමට උත්සහ කරමින් සිටින බව සහල් අලෙවි කරන්නන් චෝදනා කර සිටියි.

උත්සව සමයේ සහල් වලට කුමක් වෙයි ද?. | The Price Of Rice

ඇතැම් ප්‍රදේශවල මේ වන විට ද වෙළඳපොළේ සම්බා සහ කීරි සම්බා හිඟයක් පවතින බවට තොරතුරු වාර්තා වේ.

එමෙන්ම, ඇතැම් ව්‍යාපාරිකයින් පියවර ගෙන ඇත්තේ එම සහල් වර්ග 2 පාලන මිලකින් තොරව අලෙවි කිරීමට බව ද වාර්තා විය.

කෙසේ වෙතත්, සම්බා සහල් කිලෝවක් රුපියල් 230කටත් කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 260කටත් අලෙවි කිරීමට රජය නියම කර තිබෙනවා.