බොරතෙල් මිල සිඝ්‍රයෙන් පහළට

Crude Oil Prices Today World
By Mithu Apr 09, 2025 06:07 PM GMT
Mithu

Mithu

Report

 2021 වසරට පසු වසර 04කින් බොරතෙල් මිල පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අමෙරිකාවේ නව තීරු බදු පැනවීමත් සමග අමෙරිකාව සහ චීනය අතර වෙළෙඳ යුද්ධය උත්සන්න වීමත් සමගය.

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් දිනෙන් දින ඉහළට

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් දිනෙන් දින ඉහළට

ඒ අනුව බොරතෙල් බැරලයක මිල 6.68% කින් පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 55.60 දක්වා පහත වැටි ඇති බවය.

අවදානම ඉහලට... රෝගයෙන් බස්නාහිරට වැඩිම බලපෑමක්...

අවදානම ඉහලට... රෝගයෙන් බස්නාහිරට වැඩිම බලපෑමක්...

එක් අවස්ථාවක දී බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 58.84 දක්වා පහත වැටි ඇති අතර එය 6.34% ක පහත වැටීමක් බවද සඳහන් වේ.

ලෝකය කොවිඩ් වසංගතයට මුහුණ දුන් 2021 වසරේ පෙබරවාරි මාසයේ සිට බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 60 ට වඩා පහත වැටුණු පළමු අවස්ථාව මෙය බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ පසුගිය සතියේ එක්සත් ජනපදය විසින් නව තීරුබදු ප්‍රකාශයට පත් කිරීමෙන් පසු අඛණ්ඩව පස්වන දිනටත් තෙල් මිල තියුණු ලෙස පහත වැටී ඇති බවය.

ReeCha