අතුරුදන් වූ ලක්ෂ 50 ගැන සොයන්න පොලිසිය මහ බැංකුවට ගිහින්..
Central Bank of Sri Lanka
Sri Lanka Police
Colombo
Sri Lanka
By krishani
අද (12) පෙරවරුවේ, කොටුව පොලිසිය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් සුරක්ෂිතාගාරයේ අතුරුදහන් යැයි පවසන රුපියල් ලක්ෂ 50 ක මුදල සම්බන්ධයෙන් පැමිණිල්ල විමර්ශනයට මහ බැංකුව වෙත ගොස් ඇත.
එහිදී එයට අදාළව කිහිප දෙනෙකුගෙන් පොලිසිය විසින් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
එම සිද්ධියට අදාළ පැමිණිල්ල මහ බැංකුවේ නිලධාරීන් කිහිපදෙනෙකු විසින් ගොනුකර ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත්, අස්ථානගත වී ඇති බව පවසන මුදල රුපියල් ලක්ෂ 50 මුදල් නෝට්ටු බණ්ඩලයක් වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |