සිය දියණියට අතවර කළ පොලිස් සැරයන්වරයෙකුට වැඩ වරදියි.

Sri Lanka Police Sri Lanka
By Wayomi May 01, 2023 11:51 AM GMT
Wayomi

Wayomi

Report

18 හැවිරිදි සිය දියණියට අතවර කළ පොලිස් සැරයන්වරයෙකු පෙරේදා දිනයේ කටුගස්තොට පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙක්.

ඔහු අධික බීමතින් පැමිණ නිවසේ සිටි සිය දියණියට අතවර කළ බවට ඇගේ මව පොලිසියට පැමිණිලි කර තිබුණා.

මීට පෙරද බීමතින් නිවසට පැමිණ බිරිඳ හා දරුවන් සමඟ ආරවුල් ඇතිකරගැනීම සම්බන්ධයෙන් මොහුට විරුද්ධව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය නඩුවක් ද ගොනුකර ඇති බවයි පොලිසිය කියා සිටියේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW