උඩු ගුවනේදී ඉදිරිපස විදුරුව ඉරි තැලී ගිය ශ්‍රි ලංකන් ගුවන් යානය යලි ලංකාවට හරවයි.

SriLankan Airlines Sri Lanka
By Wayomi Apr 08, 2023 07:42 AM GMT
Wayomi

Wayomi

Report

පැය 15 කට ආසන්න කාළයක් ප්‍රමාද වී ඩුබායි බලා පිටත්වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය යළිත් අද (08) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා තිබෙනවා.

ඒ, එය උඩු ගුවනේදී කාර්මික දෝෂයකට ලක් වීමෙන්.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 225 දරන ගුවන් යානය ඩුබායි බලා පිටත්ව යාමට නියමිතව තිබුණේ ඊයේ (07) දින සවස 06.25 ටයි .

නමුත් මෙම ගුවන් යානය පිටත්ව ගොස් තිබුණේ අද (08) උදෑසන 09.30 ට .

මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් පැය 01 යි විනාඩි 10 කට පසුව එනම් උදෑසන 10.40 ට යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා තිබෙනවා .

මෙම ගුවන් යානය ඉන්දියාව සමීපයට ගමන් කර තිබුණද ගුවන් යානයේ ප්‍රධාන නියමුවා ඉදිරිපිට ඇති වීදුරුව (Windscreen Crack ) ඉරිතැලීමකට ලක් වී ඇති බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග පවසනවා.

ඒ හේතුවෙන් තවදුරටත් ඉදිරියට ගමන් නොකර ගුවන් නියමුවා , තම ගුවන් යානය ආපසු හරවා ගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

මෙම ගුවන් යානය තුළ මගීන් 189 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 15 දෙනෙකු සිට ඇති බවයි වාර්තා වන්නේ .

පසුව මෙම ගුවන් ගමන වෙනත් ගුවන් යානයක් යොදවා අද (08) සවස කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව යාමට නියමිත බව ද ගුවන් තොටුපළ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW